අරාබි මුහුදේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට (Aircraft Carrier) ආක්‍රමණශීලී ලෙස ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමට අමෙරිකානු ප්‍රහාරක යානා පියවර ගෙන ඇත. මෙම සිදුවීම වාර්තා වන්නේ වොෂින්ටනය සහ ටෙහෙරානය අතර සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදී, කලාපය තුළ යුධමය වාතාවරණයක් වර්ධනය වෙමින් පවතින පසුබිමකය.
USS Abraham Lincoln නෞකාවෙන් නික්මුණු F-35C වර්ගයේ ස්ටෙල්ත් ප්‍රහාරක යානයක් මගින් මෙම ඩ්‍රෝන යානය විනාශ කර ඇත. ඉරාන වෙරළට සැතපුම් 500ක් පමණ දුරින් අරාබි මුහුදේදී මෙය සිදුවී තිබේ. ඩ්‍රෝන යානය අමෙරිකානු නෞකාව සහ එහි පිරිස් ඉලක්ක කරගත් බැවින් ආත්මාරක්ෂාව සඳහා මෙම පියවර ගත් බව අමෙරිකානු මධ්‍යම බලඇණිය (CENTCOM) පවසයි. හෝමූස් සමුද්‍ර සන්ධියේදී (Strait of Hormuz) අමෙරිකානු වෙළඳ නෞකාවකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් බාධා කිරීමේ සිද්ධියක් ද එදිනම වාර්තා විය.
මෙම උණුසුම් තත්ත්වය මධ්‍යයේ වුවද, අමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා මේ සතියේදී ඕමානයේදී පැවැත්වීමට නියමිතය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



