ශාන්ත ෆ්රැන්සිස් තුමන්ගේ 13 වන සියවසට අයත් ඇටසැකිල්ල මෙලෙස ප්රදර්ශනය කෙරෙන්නේ ඉතාලියේ අසීසි නගරයේ පිහිටි සුප්රසිද්ධ ‘බැසිලිකා’ දේවස්ථානයේදීය. මෙය ඉතිහාසයේ ඉතා දුර්ලභ අවස්ථාවක් වන අතර මීට පෙර උන්වහන්සේගේ ශේෂයන් ප්රසිද්ධියේ දැකගත හැකි වූයේ 1978 වසරේදී එක් දිනක් පමණි.
1181 හෝ 1182 වසරේදී ඉතාලියේ අසීසි නුවරදී උපත ලෑබූ ශාන්ත ෆ්රැන්සිස් තුමන් තමා සතු සියලු ධනය අතහැර දුප්පතුන් වෙනුවෙන් ජීවිතය කැප කළ ‘ෆ්රැන්සිස්කානු’ නිකාය (Franciscans) ආරම්භ කර ඇත. උන්වහන්සේ සතුන්ගේ සහ පරිසරයේ අනුශාසක ශාන්තුවරයා ලෙස සලකනු ලබයි.
පසුගිය වසරේ අභාවප්රාප්ත වූ ෆ්රැන්සිස් පාප් වහන්සේ ද සිය නාමය තෝරා ගනු ලැබුවේ මෙම ශාන්තුවරයාට උපහාරයක් වශයෙනි. උන්වහන්සේ සිය පාලන කාලය පුරාවටම අසීසි හි ශාන්ත ෆ්රැන්සිස් තුමන්ගේ සරල බව සහ නිහතමානීකම අනුගමනය කළහ.
මෙම ප්රදර්ශනය මාර්තු 22 වනදා දක්වා පැවැත්වේ. ලොව පුරා විසිරී සිටින බැතිමතුන් 400,000කට අධික පිරිසක් මෙය නැරඹීම සඳහා දැනටමත් ලියාපදිංචි වී ඇති බව වාර්තා වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



