එක්සත් ජනපදයට ඇතුළු වීමේ කොන්දේසියක් ලෙස, එක්සත් රාජධානිය (UK) ඇතුළු රටවල් ගණනක සංචාරකයන්ගෙන් වසර පහක සමාජ මාධ්‍ය ඉතිහාසය ඉල්ලා සිටීමට ඇමරිකානු නිලධාරීන් නව යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම නව කොන්දේසිය වීසා බලපත්‍රයක් නොමැතිව දින 90 ක් එක්සත් ජනපදයට පැමිණීමට සුදුසුකම් ලබන රටවල් ගණනක පුද්ගලයන්ට බලපානු ඇත. ඔවුන් ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රයක් (ESTA) පුරවා තිබිය යුතුය. ජනවාරි මාසයේදී ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාතික ආරක්ෂාව හේතුව දක්වමින් එක්සත් ජනපද දේශසීමා දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
එක්සත් ජනපදය ලබන වසරේ කැනඩාව සහ මෙක්සිකෝව සමඟින් පවත්වනු ලබන පිරිමි පාපන්දු ලෝක කුසලානයට සහ 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය දරන බැවින්, ලබන වසරේ විදේශීය සංචාරකයින්ගේ විශාල ගලා ඒමක් අපේක්ෂා කරයි.
මෙම යෝජනාව ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) සහ එහි සංඝටක ඒජන්සිය වන රේගු සහ දේශසීමා ආරක්ෂණ (CBP) විසින් ඉදිරිපත් කර ඇත. එය එක්සත් ජනපද රජයේ නිල සඟරාව වන ෆෙඩරල් ලේඛනයේ (Federal Register) ප්‍රකාශයට පත් කරන ලදී.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



