ඇමරිකා-ඉරාන ගැටුම වැළැක්වීමට ගල්ෆ් රටවල් මැදිහත් වෙයි

ඉරානය තුළ පවතින අභ්‍යන්තර විරෝධතා සහ ඊට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එල්ල කර ඇති යුදමය අනතුරු ඇඟවීම් හමුවේ, කලාපීය අස්ථාවරත්වය වැළැක්වීම සඳහා ගල්ෆ් කලාපීය රටවල් දැඩි රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක නිරත වෙමින් සිටී.

ඇමරිකාව සහ ඉරානය අතර සෘජු යුද්ධයක් ඇති වුවහොත් මුළු මැදපෙරදිග කලාපයම දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි බියෙන් අසල්වැසි රටවල් කිහිපයක් මෙලෙස ක්‍රියාත්මක වී ඇත. වාර්තා වන පරිදි, සවුදි අරාබිය ඇමරිකානු පරිපාලනයට බලපෑම් කරමින් සිටින්නේ ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් වළකින ලෙසයි. මෙම රටවල් දෙක සාම්ප්‍රදායිකව ඇමරිකාව සහ ඉරානය අතර පාලමක් ලෙස කටයුතු කරන අතර, දෙපාර්ශවයේ නියෝජිතයන් අතර පණිවිඩ හුවමාරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳීමට උත්සාහ කරයි.

පසුගිය බදාදා වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පැවති සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවට වාර්තා විය. මෙය ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ල වීමේ ලකුණක් ලෙස සැලකූ ගල්ෆ් රටවල නායකයින්, සියලුම රාජ්‍යතාන්ත්‍රික මාවත් භාවිත කරමින් ආතතිය අඩු කිරීමට පියවර ගෙන ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top