වෙනිසියුලානු නොබෙල් සාම ත්‍යාගලාභිනිය සිය පදක්කම ජනපති ට්‍රම්ප් වෙත පිරිනමයි

වෙනිසියුලානු විපක්ෂ නායිකාව මෙන්ම 2025 නොබෙල් සාම ත්‍යාගලාභිනිය වන මරියා කොරිනා මචාඩෝ (María Corina Machado), ඇයට හිමි වූ නොබෙල් පදක්කම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ. ධවල මන්දිරයේදී පැවති හමුවකදී ඇය මෙම පියවර ගෙන ඇත්තේ වෙනිසියුලාවේ නිදහස වෙනුවෙන් ට්‍රම්ප් දැක්වූ කැපවීම ඇගයීමක් ලෙසිනි.

මෙම හමුව සිදුවන්නේ ඇමරිකානු විශේෂ බලකායන් විසින් වෙනිසියුලානු ජනපති නිකොලස් මදුරෝව කැරකස් නුවරදී අත්අඩංගුවට ගෙන සති කිහිපයකට පසුවය. මදුරෝට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ත්‍රස්තවාදයට උදව් කිරීමේ චෝදනා එල්ල වී ඇති අතර ඔහු දැනට නිව්යෝර්ක් හි රඳවා සිටී.

මචාඩෝ පවසන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා කෙරෙහි තමන්ට පූර්ණ විශ්වාසය ඇති බවයි. කෙසේ වෙතත්, නොබෙල් කමිටුව මීට පෙර පවසා තිබුණේ මෙම ත්‍යාගය වෙනත් අයෙකුට පැවරිය නොහැකි බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top