එක්සත් රාජධානියේ සංක්‍රමණ ප්‍රතිශතය 20% කින් පහලට

ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලයේ (ONS) සංශෝධිත දත්තවලට අනුව, පසුගිය වසරේ එක්සත් රාජධානියේ ශුද්ධ සංක්‍රමණය (Net migration) මුලින් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා 20% කින් අඩු වී තිබේ.

රටට ඇතුළු වූ සහ පිටව ගිය පුද්ගලයන්ගේ වෙනස වන මෙම සංඛ්‍යාව, 86,000 කින් පහත හෙළා ඇති අතර, 2024 වසරේදී එය 345,000 ක් ලෙස වාර්තා වේ. මෙම වෙනසට ප්‍රධාන හේතුව වී ඇත්තේ, මුලින් වාර්තා වූවාට වඩා වැඩි බ්‍රිතාන්‍ය ජාතිකයින් සංඛ්‍යාවක් 2024 දී සංක්‍රමණය වී ඇති බවට අනුමාන කිරීමයි. ඒ අනුව, එක්සත් රාජධානියේ ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයින් සංඛ්‍යාව 100,000 කින් අඩු වී ඇතැයි දැන් සිතනු ලැබේ.

සංඛ්‍යා ලේඛනවලට අනුව, සංක්‍රමණය පෙර සිතූවාට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. 2022 අප්‍රේල් සහ 2023 මාර්තු අතර කාලය තුළ එක්සත් රාජධානියේ ජනගහනයට එය 944,000 ක් එකතු කර ඇත. කලින් ඇස්තමේන්තු කර තිබුණේ 2023 ජූනි වන විට මෙම සංඛ්‍යාව 906,000 ක් ලෙසයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top