ෆෝමියුලා 1 (Formula 1) හි රෙඩ් බුල් (Red Bull) කණ්ඩායමේ හිටපු ප්‍රධානී ක්‍රිස්ටියන් හෝනර්, පවුම් මිලියන 52ක විශාල වන්දි මුදලක් සමඟින් නිල වශයෙන් කණ්ඩායමෙන් ඉවත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජූලි මාසයේදී කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ඔහුව නෙරපා හැරීමෙන් පසුව මෙම වන්දි ගෙවීම පිළිබඳව එකඟතාවකට පැමිණ ඇති අතර, එය ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම ගෙවීම් වලින් එකක් වනු ඇතැයි කියයි.
2005 වසරේදී රෙඩ් බුල් කණ්ඩායම ආරම්භ කළ දා සිට එහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 51 හැවිරිදි හෝනර්, drivers’ championship අටක් සහ constructors’ championship හයක් දිනා ගැනීමට කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය.
හෝනර්ගේ ඉවත්වීම සිදුව ඇත්තේ, කාන්තා සේවිකාවක් විසින් ඔහුට එරෙහිව ලිංගික හිරිහැර කිරීමේ චෝදනාවක් එල්ල කිරීමෙන් පසුවයි. හෝනර්ට එරෙහි චෝදනා දෙවරක්ම නිෂ්ප්‍රභ කරනු ලැබුවද, මෙම සිදුවීම කණ්ඩායම තුළ බල අරගලයක් ඇති කළේය. මෙම අර්බුද හේතුවෙන්, F1 ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා ලෙස සැලකෙන ඇඩ්රියන් නිව්වි (Adrian Newey) ඇතුළු ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු පසුගිය මාස කිහිපය තුළ කණ්ඩායමෙන් ඉවත් විය.
රෙඩ් බුල් හි ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් මින්ට්ස්ලාෆ් (Oliver Mintzlaff) නිවේදනයක් නිකුත් කරමින්, හෝනර්ගේ සුවිශේෂී කාර්යය වෙනුවෙන් ස්තූතිය පළ කළේය. හෝනර් ද රෙඩ් බුල් කණ්ඩායමට නායකත්වය දීම ගෞරවයක් හා වරප්‍රසාදයක් බව එම නිවේදනයේදීම සඳහන් කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



