කෘත්රිම බුද්ධිය (Artificial Intelligence – AI) සම්බන්ධයෙන් චීනයේ ජනතාව, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවලට වඩා වැඩි විශ්වාසයක් තබන බව නව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
අඟහරුවාදා නිකුත් කරන ලද Edelman මත විමසුමට අනුව, චීනයේ ජනතාව 87%ක් AI කෙරෙහිවිශ්වාසය තබන බව හෙළි වී තිබේ. චීන ප්රතිචාර දැක්වූවන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකුට වඩා වැඩි පිරිසක් අපේක්ෂා කළේ දේශගුණික විපර්යාස, මානසික රෝග, දරිද්රතාවය සහ ධ්රැවීකරණය ඇතුළු සමාජ ගැටලු රැසක් විසඳීමට AI දායක වනු ඇති බවයි.
මෙම විශ්වාසය තරුණ පිරිස් අතර ඉහළ මට්ටමක පැවතුනද, බටහිර රටවල එය තවමත් බෙහෙවින් අඩුය. චීනය (අවුරුදු 18-34) 88% ක් තාක්ෂණය කෙරෙහි විශ්වාසය තබා ඇත. එක්සත් ජනපදය (අවුරුදු 18-34) 40% ක් පමණක් තාක්ෂණය කෙරෙහි විශ්වාසය තබා ඇත.
මෙම සමීක්ෂණ ප්රතිඵල නිකුත් වන්නේ එක්සත් ජනපදය සහ චීනය තාක්ෂණික ආධිපත්යය සඳහා වන තරඟයක නිරත වන පසුබිමක වන අතර, දෙරටේම සමාගම් වැඩි වැඩියෙන් නවීන AI මාදිලි එළිදක්වමින් සිටී.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



