එප්ස්ටයින් ගොනු මුදා හැරීමට නියෝග කරමින් ට්‍රම්ප් පනතට අත්සන් තබයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) බදාදා (ඊයේ) ප්‍රකාශ කර ඇත්තේ, දිවංගත ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් (Jeffrey Epstein) සම්බන්ධ සියලුම ගොනු මුදා හැරීමට නියෝග කරමින් පනතකට තමා අත්සන් තැබූ බවයි.

මෙම පනත මගින් යුක්ති දෙපාර්තමේන්තුවට (Justice Department) එප්ස්ටයින් පරීක්ෂණයෙන් ලද සියලුම තොරතුරු දින 30ක් ඇතුළත සෙවිය හැකි සහ බාගත කළ හැකි ආකෘතියකින් නිකුත් කරන ලෙස නියෝග කරයි.

ට්‍රම්ප් මුලින් මෙම ගොනු මුදා හැරීමට විරුද්ධ වූ නමුත්, එප්ස්ටයින්ගේ ගොදුරු වූවන්ගෙන් සහ ඔහුගේම රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින්ගෙන් විරෝධතා එල්ල වීමෙන් පසු පසුගිය සතියේදී ඔහු සිය ස්ථාවරය වෙනස් කළේය. ට්‍රම්ප්ගේ සහයෝගය ඇතිව, මෙම පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේදී අති බහුතරයකින් සම්මත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 427-1 ඡන්දයෙන් එය සම්මත වූ අතර, සෙනෙට් සභාවේදී සර්ව සම්මතයෙන්ම එය සම්මත විය.

මෙම පනත යටතේ මුදා හැරීමට නියමිත එප්ස්ටයින් ගොනු වන්නේ මූල්‍යවේදියා සම්බන්ධ අපරාධ පරීක්ෂණවලින් ලද ලේඛන, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡා පිටපත්, ඔහුගේ දේපළවල වැටලීම්වලදී අත්අඩංගුවට ගත් භාණ්ඩ, යුක්ති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර සන්නිවේදනය, ගුවන් ගමන් වාර්තා (flight logs), සහ එප්ස්ටයින් සමඟ සම්බන්ධ වූ පුද්ගලයින් සහ ආයතන පිළිබඳ තොරතුරු වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top