ජැමෙයිකාවට දැවැන්ත තර්ජනයක් වන ‘මෙලිසා’ සුළි කුණාටුව!

“මෙලිසා” සුළි කුණාටුව (Hurricane Melissa) මේ වසරේ ලෝකයේ දරුණුතම සහ ජැමෙයිකාවට වාර්තාගත කාලයකින් පසු බලපාන බලවත්ම සුළි කුණාටුව බවට පත්වෙමින් තිබේ. එක්සත් ජනපද කාලගුණ විද්‍යාඥයින් විනාශකාරී හා ජීවිත තර්ජනාත්මක තත්ත්වයන් පිළිබඳව අනතුරු අඟවා ඇත.

“මෙලිසා” යනු උපරිම ශක්තිය වන 5 වන කාණ්ඩයේ (Category Five) සුළි කුණාටුවක් වන අතර, එහි සුළං වේගය පැයට සැතපුම් 175ක් (පැයට කි.මී. 282) දක්වා ඉහළ ගොස් ඇත. එය කැරිබියන් දූපතේ ගොඩබිමට පැමිණීමට නියමිතව තිබේ. නිවර්තන කුණාටු තත්ත්වයන් දැනටමත් ජැමෙයිකාවේ ඇතිවෙමින් පවතින අතර, විනාශකාරී හා ජීවිත තර්ජනාත්මක සුළි කුණාටු මට්ටමේ සුළං තත්ත්වයන් ආරම්භ වීමට අපේක්ෂා කෙරෙන බව NHC අනතුරු අඟවයි.

මෙම සුළි කුණාටුවේ මන්දගාමී ගමන හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට දිගු වේලාවක් අධික වර්ෂාවක් ලැබීමට ඉඩ ඇති අතර, එය දරුණු ගංවතුර සහ නාය යෑම් අවදානම වැඩි කරයි. එහි වත්මන් ශක්තිය අනුව, එය 1851 දී වාර්තා තැබීම ආරම්භ කළ දා සිට ජැමෙයිකාවට බලපාන දරුණුතම සුළි කුණාටුව වනු ඇත.

එක්සත් ජනපදයේ ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ (NHC) නවතම දත්ත අනුව, උපරිම සුළං වේගය සහ අඩු මධ්‍යම පීඩනය අතින් ගත් විට, “මෙලිසා” මේ වසරේ මෙතෙක් වාර්තා වූ ලෝකයේ බලවත්ම කුණාටුව වේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top