ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ජෝර්ජියා ප්‍රාන්තයේ ගොනු කර තිබූ 2020 මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධ නඩුව එරට විනිසුරුවරයකු විසින් නිෂ්ප්‍රභ කර තිබේ. ජෝ බයිඩන්ට එරෙහිව ට්‍රම්ප් ලැබූ පරාජය අවලංගු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කරමින් ජනාධිපතිවරයාට නඩු පැවරීමට ගත් අවසන් උත්සාහය ද මෙලෙස අවසන් විය.
මුලින් නඩු පැවරූ නීතිඥවරයා ඉවත් කිරීමෙන් පසු නඩුව භාරගත් පීටර් ස්කැන්ඩලකිස් (Peter Skandalakis) විසින් බදාදා (අද) දින විනිසුරු ස්කොට් මැක්ෆීගෙන් (Scott McAfee) මෙම චෝදනා ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
විලිස්ගේ නුසුදුසුකම සහ අනෙකුත් රාජ්‍ය නීතිඥවරුන් නඩුව භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, දේශපාලනික නොවන නීතිඥවරුන්ගේ කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂ ස්කැන්ඩලකිස්, මෙම නඩුවට පත් විය. ෆුල්ටන් ප්‍රාන්ත විනිසුරුවරයෙකුට බදාදා ඉදිරිපත් කළ යෝජනාවේදී ඔහු කියා සිටියේ, යුක්තියේ අවශ්‍යතා ඉටු කිරීම සහ අධිකරණමය අවසන් තීරණයක් ප්‍රවර්ධනය කිරීම සඳහා තමා මෙම නඩුව අත්හිටුවන බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



