කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, ස්ත්‍රී ඝාතනය (Femicide) වෙනම අපරාධයක් ලෙස නම් කිරීමට ඉතාලි පාර්ලිමේන්තුව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබේ. ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන කාන්තාවක් ඝාතනය කිරීම ස්ත්‍රී ඝාතනය ලෙස මෙහිදී අර්ථ දක්වා ඇති අතර, ඒ සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට නව නීතිය මගින් බලය ලැබේ.
ස්ත්‍රී ඝාතනය සම්බන්ධ නීතියක් හඳුන්වාදීම පිළිබඳව ඉතාලියේ මීට පෙර සාකච්ඡා කර තිබුණද, ජූලියා චෙචෙටින් (Giulia Cecchettin) ඇගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කිරීම මුළු රටම කම්පනයට පත් කළ ඛේදවාචකයක් බවට පත් විය. 2023 නොවැම්බර් අගභාගයේදී, 22 හැවිරිදි ජූලියා චෙචෙටින්, පිලිපෝ ටුරෙටා (Filippo Turetta) නම් ඇගේ හිටපු පෙම්වතා විසින් පිහියෙන් ඇන ඝාතනය කර, ඇගේ සිරුර බෑග්වල ඔතා වැවක් අසල දමා ගොස් තිබුණි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගන්නා තෙක් ප්‍රධාන පුවත් බවට පත් වූ නමුත්, ජූලියාගේ සහෝදරිය වන එලේනාගේ (Elena) ප්‍රබල ප්‍රතිචාරය රට තුළ විශාල බලපෑමක් ඇති කළේය.
අවුරුදු දෙකකට පසුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගු හා උද්යෝගිමත් විවාදයකින් පසු ස්ත්‍රී ඝාතනය සඳහා නීතියකට ඡන්දය ප්‍රකාශ කර ඇත. මෙය ස්ත්‍රී ඝාතනය වෙනම අපරාධයක් ලෙස වර්ගීකරණය කරන ඉතා ස්වල්ප ස්ථාන අතරට ඉතාලිය ද එක් කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



