ප්‍රකෝටිපති ඉලොන් මස්ක්ට අයත් ‘X’ (Twitter) සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රංශ කාර්යාල පරිශ්‍රයන් පැරිස් අභිචෝදක කාර්යාලයේ විශේෂ ඒකකයක් විසින් වටලා පරීක්ෂාවට ලක් කර ඇත. යුරෝපීය පොලිස් ඒකකය වන Europol හි සහාය ඇතිව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
මෙම පරීක්ෂණය 2025 ජනවාරි මාසයේදී ආරම්භ වූ අතර, ඒ සඳහා ප්‍රධාන හේතු කිහිපයක් බලපා ඇත. X ජාලයේ ඇල්ගොරිතමය (Algorithm) මගින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතයන් පිළිබඳව ලැබුණු පැමිණිලි, ලිංගිකමය වශයෙන් විකෘති කරන ලද Deepfakes වීඩියෝ සහ යුදෙව් සමූලඝාතන (Holocaust) ප්‍රතික්ෂේප කරන අන්තර්ගතයන් වේදිකාව තුළ ප්‍රචාරය වීම වැළැක්වීමට අපොහොසත් වීම, X ජාලය ප්‍රංශයේ පවතින සයිබර් නීතිවලට අනුකූලව ක්‍රියා කරන්නේද යන්න පරීක්ෂා කිරීම ඒ අතර වේ.
මෙම වැටලීම යුරෝපය පුරා සමාජ මාධ්‍ය සමාගම්වලට එරෙහිව ක්‍රියාත්මක වන දැඩි නීතිමය වටපිටාවක තවත් එක් පියවරකි. විශේෂයෙන්ම ව්‍යාජ තොරතුරු සහ අසභ්‍ය අන්තර්ගතයන් පාලනය කිරීමට අපොහොසත් වන සමාගම්වලට එරෙහිව ප්‍රංශය දැඩි ස්ථාවරයක සිටී.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



