සිංගප්පූරු රජය විසින් එළඹෙන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව ජාතික අභ්‍යවකාශ ඒජන්සියක් පිහිටුවීමට තීරණය කර ඇත. බලශක්ති, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය තැන් සී ලෙන්ග් (Tan See Leng) විසින් අද (පෙබරවාරි 2) පැවැති සමුළුවකදී මෙම නිවේදනය සිදු කරන ලදී.
ලොව පුරා වේගයෙන් වර්ධනය වන අභ්‍යවකාශ ආර්ථිකයේ (Space Economy) නව අවස්ථා සිංගප්පූරුව වෙත ළඟා කර ගැනීම, අභ්‍යවකාශ ක්ෂේත්රය තුළ නව නිපැයුම් සහ පර්යේෂණ සඳහා නායකත්වය සැපයීම, අභ්‍යවකාශයට පිවිසීමේ අවස්ථාව ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින (Democratised access) පසුබිමක, එමගින් ලැබෙන නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීම මෙම නව ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වේ.
ආසියානු කලාපයේ ඉන්දියාව සහ චීනය වැනි රටවල් දැනටමත් අභ්‍යවකාශ ක්ෂේත්රයේ ඉදිරියෙන් සිටින අතර, සිංගප්පූරුව වැනි කුඩා රටක් මෙම ක්ෂේත්රයට පිවිසීම සුවිශේෂී තත්ත්වයකි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



