ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරන ලද නවතම එප්ස්ටයින් ගොනු (Epstein Files) අතර, ඇන්ඩෘ මවුන්ට්බැටන්–වින්ඩ්සර් (Andrew Mountbatten-Windsor) සම්බන්ධ ඉතා ආන්දෝලනාත්මක ඡායාරූප කිහිපයක් අඩංගු බව වාර්තා වේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ ඇන්ඩෘ කුමරු ලෙස හැඳින්වූ ඔහු, ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවැත්වූ සබඳතා හේතුවෙන් දැනටමත් දැඩි විවේචනයට ලක්ව සිටී.
ප්‍රසිද්ධ කර ඇති ලිපිගොනුවලට අනුව, එක් ඡායාරූපයක ඔහු බිම වැතිර සිටින කාන්තාවකගේ සිරුරට ඉහළින් දණගසා සිටින අයුරු දැක්වෙන බව පැවසේ. තවත් ඡායාරූප දෙකක ඔහු එම හඳුනා නොගත් තැනැත්තියගේ උදරය ස්පර්ශ කරන අයුරු දැක්වේ. එක් ඡායාරූපයක ඔහු සෘජුවම කැමරාව දෙස බලා සිටින අයුරු සටහන්ව ඇත. කෙසේ වෙතත්, මෙම ඡායාරූප ගත් ස්ථානය හෝ කාලය පිළිබඳ පැහැදිලි තොරතුරු මෙතෙක් හෙළි වී නොමැත. 2010 අගෝස්තු මාසයේදී එප්ස්ටයින් විසින් ඇන්ඩෘව 26 හැවිරිදි රුසියානු කාන්තාවක සමඟ රාත්‍රී ආහාරය සඳහා කැඳවා ඇති බවට සාක්ෂි ඊමේල් පණිවුඩ හරහා අනාවරණය වී ඇත.
ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවති සමීප සබඳතාවය සහ එල්ල වූ චෝදනා හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔහුගේ සියලුම රාජකීය පදවි සහ නාමයන් (Royal Titles) ඉවත් කරනු ලැබීය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



