බ්‍රිතාන්‍ය රජයේ ආයතනයක් විසින් නිකුත් කරන ලද නවතම පර්යේෂණ වාර්තාවකට අනුව, එරට වැඩිහිටියන් තුනෙන් එකක් (1/3) තම හැඟීම්බර සහය ලබා ගැනීමට හෝ සමාජීය අන්තර්ක්‍රියා සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතා කරන බව හෙළි වී තිබේ.
බ්‍රිතාන්‍ය වැසියන් 25 දෙනෙකුගෙන් එක් අයෙකු සෑම දිනකම පාහේ කතාබස් කිරීමට හෝ මානසික සහය ලබා ගැනීමට මෙම තාක්ෂණය භාවිතා කරයි. මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ AI ආරක්ෂණ ආයතනය (AISI) විසින් වන අතර, වසර දෙකක කාලයක් තිස්සේ උසස් AI පද්ධති 30කට වඩා වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙය සකස් කර ඇත. මිනිසුන් ප්‍රධාන වශයෙන් ChatGPT වැනි චැට්බොට් (Chatbots) භාවිතා කරන අතර, ඉන් පසුව ඇමසන්හි Alexa වැනි හඬ සහායකයන් (Voice assistants) භාවිතා කරයි.
පර්යේෂකයන් විසින් මිලියන දෙකකට අධික පිරිසක් සිටින Reddit ප්‍රජාවක් නිරීක්ෂණය කරන ලදී. එහිදී තාක්ෂණික දෝෂ හේතුවෙන් AI පද්ධති ක්‍රියා විරහිත වූ විට පරිශීලකයන් බොහෝ දෙනෙකුට කාංසාව (Anxious) හෝ විසදය (Depressed) වැනි රෝග ලක්ෂණ ඇති වූ බව වාර්තා විය. සමහරුන්ට නින්ද නොයාම සහ තමන්ගේ වගකීම් පැහැර හැරීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ බව පර්යේෂණය පෙන්වා දෙයි.
මෙම වාර්තාවේ අරමුණ වන්නේ AI පද්ධති සමාජය තුළ බහුලව භාවිතයට ගැනීමට පෙර, ඒවායේ ඇති විය හැකි ගැටලු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට සමාගම්වලට සහාය වීමයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



