ගොල්ෆ් ක්‍රීඩාවේ අමරණීයත්වයට පත් රෝරි මැක්ඉල්රෝයි (Rory McIlroy), 2025 වසර සඳහා වන ක්‍රීඩා පෞරුෂය (Sports Personality of the Year) ලෙස රසික ඡන්දයෙන් තේරී පත්වී ඇත. තම වෘත්තීය ජීවිතයේ ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්‘ (Grand Slam) ජයග්‍රහණය සම්පූර්ණ කිරීම සහ යුරෝපා කණ්ඩායමට ‘රයිඩර් කුසලානය‘ (Ryder Cup) දිනා දීමට දැක්වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් ඔහු මෙම ගෞරවයට පාත්‍ර වී ඇත.
පසුගිය අප්‍රේල් මාසයේදී ‘ඔගස්ටා නැෂනල්‘ හි පැවති Masters තරගාවලිය ජයග්‍රහණය කරමින් මැක්ඉල්රෝයි ප්‍රධාන පෙළේ ගොල්ෆ් තරගාවලි හතරම (US Open, The Open, US PGA, Masters) ජයගත් ලොව 6 වන ක්‍රීඩකයා බවට පත් විය. ටයිගර් වුඩ්ස් සහ ජැක් නික්ලෝස් වැනි අමෙරිකානු ප්‍රබලයන් සිටින මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු යුරෝපීය ක්‍රීඩකයා වන්නේ ද මොහුය. මේ සඳහා ඔහුට වසර 11 ක දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු විය.
2012 වසරෙන් පසු අමෙරිකානු පසෙහිදී යුරෝපා කණ්ඩායම ලැබූ පළමු රයිඩර් කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ලකුණු 3.5 ක දැවැන්ත දායකත්වයක් ලබා දුන්නේය. මීට අමතරව ඔහු Irish Open, Players Championship සහ Pebble Beach Pro-Am යන තරගාවලි ද ජයග්‍රහණය කළ අතර, 7 වන වරටත් ‘Race to Dubai’ ශූරතාව දිනා ගත්තේය.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



