කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (Louisville International Airport) UPS භාණ්ඩ ප්‍රවාහන යානයක් ගුවන් ගත කිරීමට උත්සාහ කිරීමේදී කඩා වැටීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ. UPS හි MD-11F භාණ්ඩ ප්‍රවාහන ප්‍රාදේශීය වේලාවෙන් ප.ව. 17:15 ට පමණ ගුවන් ගත වීමේදී ධාවන පථයෙන් ඉවතට පැන අවට ගොඩනැගිලිවල වැදී ඇත.
කඩා වැටීමෙන් පසු යානය ගිනි ගෙන ඇති අතර, ඒ ආසන්නයේ තිබූ ව්‍යාපාරික ස්ථාන දෙකක් සුන්බුන්වලට හසු වී ඇති බව ප්‍රාන්ත ආණ්ඩුකාර ඇන්ඩි බෙෂර් (Andy Beshear) මහතා පවසා තිබේ. යානයේ තිබූ විශාල ඉන්ධන ප්‍රමාණය (ලීටර් 144,000 ක්) හේතුවෙන් සැතපුම් භාගයක් පමණ දුරට ගින්න පැතිර ගොස් ඇත.
විවිධ පවුල් 16 ක් තම ආදරණීයයන් අතුරුදහන් වී ඇති බවට වාර්තා කර ඇත. සුන්බුන් කලාපය විශාල වීම නිසා සෙවීම අභියෝගාත්මක වී ඇත. අනතුරට ලක්වූ Grade A Auto Parts හි සේවකයින් දෙදෙනෙකු ද අතුරුදහන්ව සිටින අතර අනතුර සිදුවන විට එහි සිටි පාරිභෝගිකයන් සංඛ්‍යාව ද පැහැදිලි නැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



