රික්ටර් මාපකයේ 7.5 ක භූමිකම්පාවකින් උතුරු ජපානයේ 33කට තුවාල!

සඳුදා රාත්‍රියේ උතුරු දිග ජපානයට බලපෑ රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයන් 30 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, දහස් ගණනක් ජනතාවට තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව ඇත.

භූමිකම්පාව රාත්‍රී 23:15 ට පමණ සිදු විය. එය ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සියට (Japan Meteorological Agency – JMA) අනුව, Aomori කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් (සැතපුම් 50 ක්) ඔබ්බෙන්, කිලෝමීටර 50 (සැතපුම් 31) ගැඹුරකින් යුක්ත විය. භූමිකම්පාවෙන් පසු නිකුත් කරන ලද සුනාමි අනතුරු ඇඟවීම් පසුව ඉවත් කරන ලද අතර, සෙන්ටිමීටර 70 ක් (අඟල් 27) තරම් උස රළ නිරීක්ෂණය කර ඇත.

මෙම සිදුවීම හේතුවෙන් ඇතැම් දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර, දහස් ගණනක් නිවෙස්වල විදුලිය ඇනහිට ඇත. 90,000 ක් පමණ පදිංචිකරුවන්ට ඉවත් වීමට නියෝග නිකුත් කර තිබුණි. ජපන් රජය අගමැතිගේ අර්බුද කළමනාකරණ මධ්‍යස්ථානය තුළ ප්‍රතිචාර කාර්යාලයක් පිහිටුවා හදිසි කණ්ඩායමක් කැඳවා තිබේ. ඉදිරි දින කිහිපය තුළ වඩා ප්‍රබල කම්පනයක් ඇතිවිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර, අවම වශයෙන් සතියක්වත් දැඩි අවධානයෙන් සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top