පෘතුගාල ඉදිරිපෙළ පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා (Diogo Jota) ස්පාඤ්ඤයේ සැමෝරා (Zamora) පළාතේදී සිදුවූ රිය අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් ජෝටාගේ සහෝදරයා වන ඇන්ඩ්‍රේ සිල්වා (Andre Silva) ද මියගොස් ඇත. 25 හැවිරිදි ඇන්ඩ්‍රේ සිල්වා ද පෘතුගාලයේ දෙවන පෙළ සමාජයක් වන පෙනාෆියෙල් (Penafiel) හි වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු විය.
ගාර්ඩියා සිවිල් (Guardia Civil) පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන් ගමන් කළ ලැම්බෝගිනි (Lamborghini) වර්ගයේ මෝටර් රථය, තවත් වාහනයක් පසුකරමින් යන විට ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පත් වී ගිනිගෙන ඇති බවයි.
ලිවර්පූල් (Liverpool) සමාජය ප්‍රකාශ කළේ, 2020 දී වුල්ව්ස් (Wolves) වෙතින් පවුම් මිලියන 41 කට මිලදී ගත් ජෝටා, රෙඩ්ස් (Reds) කණ්ඩායම වෙනුවෙන් තරඟ 182 කදී ගෝල 65 ක් ලබා ගෙන ඇති අතර, 2022 දී එෆ්.ඒ. කුසලානය (FA Cup) සහ ලීග් කුසලානය (League Cup) දිනා ගැනීමටත්, පසුගිය වාරයේ ප්‍රිමියර් ලීග් (Premier League) ශූරතාවය දිනා ගැනීමටත් දායකත්වය දක්වා ඇති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



