ප්‍රංශ ගුවන් ගමනාගමන පාලකවරුන්ගේ දෙදින වැඩවර්ජනයක් හේතුවෙන් යුරෝපය පුරා දස දහස් ගණනක් මගීන්ගේ ගමන් බිමන් අවුල් වී ඇති අතර, එය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ප්‍රංශයේ ගුවන් ගමන් අවලංගු කිරීමට හේතු වී ඇත.
රයන්එයාර් (Ryanair) ගුවන් සේවය පැවසුවේ, ගුවන් ගමන් 170කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණු බවත්, මගීන් 30,000කට අධික සංඛ්‍යාවකගේ සැලසුම් අඩාල වූ බවත්ය. මෙම වැඩවර්ජනය ප්‍රංශයට සහ ප්‍රංශයෙන් පිටතට යන ගුවන් ගමන්වලට පමණක් නොව, එක්සත් රාජධානිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය සහ ග්‍රීසිය වැනි ගමනාන්ත වෙත ප්‍රංශ ගුවන් කලාපය හරහා පියාසර කරන ගුවන් යානාවලට ද බලපා ඇත.
සේවා කොන්දේසි සහ කාර්ය මණ්ඩල හිඟය, කළමනාකරණ ගැටලු මෙන්ම පාලකවරුන් සඳහා මතභේදාත්මක නව ඔරලෝසු පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රංශ වෘත්තීය සමිති දෙකක් විසින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන අතර, පැරීසියේ ප්‍රධාන ගුවන් තොටුපළවල ගුවන් ගමන්වලින් හතරෙන් එකක් සහ නීස් (Nice) ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලින් අඩක් අවලංගු කිරීමට හේතු වී ඇති බව සදහන් වේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



