ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සාර්ථක කර ගැනීමට ට්‍රම්ප්ගෙන් කාර්ය සාධක බලකායක්!

2028 ලොස් ඇන්ජලීස් (Los Angeles) ඔලිම්පික් උළෙල ආරක්ෂිත, බාධාවකින් තොර සහ ඓතිහාසික වශයෙන් සාර්ථක බව සහතික කිරීම සඳහා කාර්ය සාධක බලකායක් (task force) පිහිටුවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසා තිබෙනවා.

2002 දී යූටා (Utah) හි සෝල්ට් ලේක් සිටිහි (Salt Lake City) පැවති ශීත ඍතු ක්‍රීඩා උළෙලෙන් පසුව එක්සත් ජනපදය විසින් සත්කාරකත්වය දරන පළමු ඔලිම්පික් උළෙල වනු ඇත්තේ 2028 ක්‍රීඩා උළෙලයි. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල ඇමරිකාවට අපූරු අවස්ථාවක් බවත්, එය ඉතා උද්යෝගිමත් දෙයක්  බවත් ට්‍රම්ප් ධවල මන්දිරයේදී (White House) කාර්ය සාධක බලකාය පිහිටුවීමේ විධායක නියෝගයට අත්සන් තබමින් පවසා ඇත.

මෙම උත්සවයේදී ට්‍රම්ප්, කාන්තා ක්‍රීඩාවලට සහභාගී වීමෙන් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් (transgender women) ඵලදායී ලෙස වැළැක්වීමට ගත් පියවර වෙනුවෙන් එක්සත් ජනපද ඔලිම්පික් සහ පැරාලිම්පික් කමිටුවේ (USOPC) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ජීන් සයික්ස් (Gene Sykes) ට ප්‍රශංසා කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top