Nvidia චිප්ස් චීනයට නීති විරෝධී ලෙස නැව්ගත කිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයින්ට ඇමරිකාවෙන් චෝදනා

අපනයන පාලන නීති උල්ලංඝනය කරමින් ඇමරිකානු ඩොලර් මිලියන දස දහස් ගණනක් වටිනා Nvidia චිප්ස් (chips) චීනයට (China) නැව්ගත කිරීම සම්බන්ධයෙන් චීන පුරවැසියන් දෙදෙනෙකුට එක්සත් ජනපද බලධාරීන් චෝදනා කර තිබෙනවා.

28 හැවිරිදි චුවාන් ගෙන් (Chuan Geng) සහ ෂිවෙයි යං (Shiwei Yang) යන දෙදෙනා 2022 ඔක්තෝබර් සිට 2025 ජූලි දක්වා කෘතිම බුද්ධිය (artificial intelligence) සඳහා භාවිතා කරන ග්‍රැෆික් ප්‍රොසෙසින් යුනිට් (GPUs) බලධාරීන්ගේ අවසරයකින් තොරව දැනුවත්ව සහ හිතාමතා අපනයනය කළ බවට චෝදනා එල්ල වේ.

අපනයන වාර්තා වලට අනුව, ගෙන් සහ යං, ඔවුන්ගේ කැලිෆෝනියාවේ (California) පිහිටි ALX Solutions Inc සමාගම හරහා සිංගප්පූරුවේ (Singapore) සහ මැලේසියාවේ (Malaysia) සමාගම් වෙත අවම වශයෙන් නැව්ගත කිරීම් 21ක් සංවිධානය කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව පැවසීය.

මෙම අපනයනවලට 2024 දෙසැම්බරයේ නැව්ගත කළ Nvidia H100 GPUs (වෙළඳපොලේ ඇති බලවත්ම චිපය ලෙස විස්තර කෙරේ) ද ඇතුළත් විය. මෙය ව්යාජ ලෙස ලේබල් කර තිබූ අතර, එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය බලපත්‍රය ලබාගෙන නොතිබූ බව අධිකරණ දෙපාර්තමේන්තුව පවසා ඇත.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top