2026 ලෝක කුසලානය තම අවසන් තරඟාවලිය බව රොනාල්ඩෝ තහවුරු කරයි

පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) 2026 ලෝක කුසලානය තම අවසන් තරඟාවලිය වනු ඇති බවට තහවුරු කර තිබේ.

රොනාල්ඩෝ මෙතෙක් ක්ලබ් සහ රට වෙනුවෙන් ගෝල 953 ක් ලබාගෙන ඇති අතර, ජාත්‍යන්තර ගෝල 143 ක් සමඟින් ඔහු පුරුෂ පාපන්දු ක්‍රීඩකයින් අතර වැඩිම ජාත්‍යන්තර ගෝල ලාභියා ලෙස වාර්තා තබා ඇත. ඔහු තවමත් තම වෘත්තීය ජීවිතයේ ගෝල 1,000 ක සන්ධිස්ථානය කරා ගමන් කරයි. ඔහු දැනට සෞදි අරාබියේ Al-Nassr සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

කැනඩාව, මෙක්සිකෝව සහ එක්සත් ජනපදය යන රටවල පැවැත්වීමට නියමිත ලබන වසරේ ලෝක කුසලානය රොනාල්ඩෝගේ හයවැනි ලෝක කුසලාන සහභාගීත්වය වනු ඇත. ඔහු තවත් වසර එකක් හෝ දෙකක් තුළ පාපන්දු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව ද තහවුරු කර ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top