චීනයේ Tesla අලෙවිය ඉහලට.
චයිනා මගී මෝටර් රථ සංගමයට (CPCA) අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී Tesla හි චීනයේ නිෂ්පාදිත විදුලි වාහන අලෙවිය 3% කින් ඉහල ගොස් ඇත. ටෙස්ලා හි , Model – 3 සහ Model – Y හි විකුණුම්, ජූලි මාසයේ සිට 17% කින් ඉහළ ගියේය. දේශීය ව්‍යාවසායකයින්ට වැඩි අවස්ථාවක් ලබාදෙන පසුබිමකදී පවා , ටෙස්ලා අලෙවිය 2024 තුන්වන කාර්තුවේදී ප්‍රබල ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
චීනයේ නිශ්පදිත විදුලි වාහන (EV) තරඟකරුවකු වන , BYD මෝටර් රථ ආයතනයද අගෝස්තු මාසයේ දී ඒකක 370,854 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර විකුණුම්වල 35.3% ක වැඩිවීමක් සමඟින් විශාල වර්ධනයක් පෙන්නුම් කලේය. Leapmotor සහ Li Auto වැනි අනෙකුත් දේශීය EV සමාගම් ද ඉහළ විකුණුම් වාර්තා කළහ.
චීනයේ ටෙස්ලා අලෙවියේ වර්ධනයට රජයේ අනුග්‍රහය සහ රජයේ දිරිගැන්වීම් විශේශයෙන් බලපෑ බවක් පෙනේ. මන්දගාමී ආර්ථිකයක් තුල ගැණුම් කරුවන් ආකර්ෂණය කරගනු පිණිස වසර පහක් දක්වා පොලී රහිත ණය පහසුකම් පවා චීන රජය විසින් සලසා දී තිබේ. ඒ සඳහා ටෙස්ලා ආයතනය විසින් පළාත් පාලන ආයතනවල අනුමැතිය ද ලබාගෙන ඇති අතර, මින් පෙර කුඩා නගර වල EV මිලදී ගැනීමට තිබූ බාදා ඉවත් කර තිබේ. මෙමගින් ටෙස්ලා ආයතනයට කුඩා නගරවල වැඩි ආකර්ෂණයක් ලබා ගැනීමට උපකාරී වී ඇත. ජූලි මාසයේදී තුන්වන මට්ටමේ නගරවල විකුණුම් 78% කින් සහ Hangzhou සහ Nanjing වැනි දෙවන පෙළ නගරවල විකිණුම් 47% ක වැඩිවීමක්ද දැකගත හැකිවිය.
විශ්ලේෂකයින් අනාවැකි පළ කරන්නේ මෙම ප්‍රවණතාවය දිගින් දිගටම පැවතුනහොත්, 2024 තුන්වන කාර්තුවේදී ටෙස්ලා ඉහළම කාර්තුමය විකුණුම් පරිමාව වෙත ලඟාවිය හැකි බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු CNA අනුග්‍රහයෙනි
https://www.channelnewsasia.com/business/teslas-china-made-ev-sales-august-3-year-4581721



