රුසියානු මිසයිල ප්‍රහාරයකින් 51ක් මරුට
අද (04) උදෑසන මධ්‍යම යුක්රේනයේ පොල්ටාවා නගරයට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 271 දෙනෙකු තුවාල ලැබුවා. මෙම ප්‍රහාරය හමුදා ඇකඩමියකට සහ ඒ ආසන්නයේ පිහිටි රෝහලකට එල්ල වූ අතර, එහිදී හමුදා නිලධාරීන්ද කිහිප දෙනෙකු මිය ගියා. යුක්රේන රජය ප්‍රකාශ කළේ ගුවන් ප්‍රහාර සඳහ කෙරෙන අනතුරු ඇඟවීම් නාද වීමෙන් පසු මිනිසුන්ට ආරක්ෂිත කූඩාරම් වෙත ළඟා වීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවයි.
යුක්රේන ජනාධිපති (Volodymyr Zelensky) මෙම ප්‍රහාරය හෙළා දකිමින් රුසියානුවන් “ජරාව” (Russian Scum) ලෙස හඳුන්වමින් යුක්රේනය ආරක්ෂා කිරීම සඳහා තවත් ගුවන් ආරක්ෂාවක් යෙදවීය. මෙම මිසයිල ප්‍රහාරය දේශීය වේලාවෙන් පෙරවරු 9.00 ට පමණ සිදු වූ අතර තත්පර කිහිපයක් ඇතුළත තවත් පිපිරීම් දෙකක් සිදු විය.
සුන්බුන් අතර තවමත් විශාල පිරිසක් සිරවී සිටින අතර, මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. යුක්රේන බලධාරීහු එම ස්ථානයේ සිටි සොල්දාදුවන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ලෙස ක්‍රියාමාර්ගයක් ගෙන ඇත්දැයි විමර්ශනය කරති. මෙම ප්‍රහාරයෙන් යුක්රේන නිලධාරීන්ට වඩා හොඳ ආරක්ශාවක් සහතික නොකිරීම සම්බන්ධයෙන් විවේචනයන්ටද තුඩු දී තිබේ.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ජාත්‍යන්තර නායකයින් මෙම ප්‍රහාරය හෙළා දුටු අතර එය ම්ලේච්ඡ හා නින්දිත ක්‍රියාවක් ලෙස නම් කළහ.
Poltava ට එල්ල වූ ප්‍රහාරය සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගේ මොංගෝලියා සංචාරය අතර යම් සම්බන්ධයක් ඇති බව ඇතමෙකුගේ අදහසයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්රහයෙනි



