වියට්නාමයේ මෝටර් රථ ගඟට ඇද වැටේ
යාගි (yagi) සුළි කුණාටුවට හසුවීමෙන් උතුරු වියට්නාමයේ ප්‍රධාන පාලමක් කඩා වැටීමෙන් මෝටර් රථ 10 ක් සහ ස්කූටර් දෙකක් රතු ගඟෙහි (Red River) ගසාගෙන ගොස් ඇත. කුණාටුවට හසුවූ පුද්ගලයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති නමුත් 13 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බව , විශේශ ප්‍රකාශයක් නිකුත් කරමින් එරට නියෝජ්‍ය අගමැති Ho Duc Phoc මහතා පවසයි. කෙසේ වෙතත් පුද්ගල මරණ තිබේද යන්න තවම නිශ්චිත නැති බව පැවසේ. මේ වනවිට එරට ආරක්ශ අංශ එක්වී තාවකාලික පාලමක් සෑදීමට කටයුතු කරමින් පවතී.
2024 වසරේ ආසියාවේ බලවත්ම කුණාටුව වන Yagi සුළි කුණාටුව සෙනසුරාදා වියට්නාමයට ඇතුල් වූයේ පැයට කිලෝමීටර 203 (පැයට සැතපුම් 126) ක සුළඟක් සමඟිනි. මෙම කුණාටුව හේතුවෙන් 60 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, නායයෑම් සහ හදිසි ගංවතුර හේතුවෙන් 44 දෙනෙකු මිය ගොස් ඇත. මියගිය අය අතර 68 හැවිරිදි කාන්තාවක්, අවුරුද්දක් වයසැති පිරිමි ළමයෙකු සහ අලුත උපන් බිළිඳෙකු ද වේ. 240 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මිලියන 1.5 ක ජනතාවක් තවමත් විදුලිය විසන්ධිමෙන් පීඩාවට පත්ව සිටිති.
සුළි කුණාටුවෙන් ගොඩනැගිලි විනාශ වී ඇති අතර ගස් කඩා වැටී මාර්ග විනාශ වී, සමහර ප්‍රදේශ වල ධීවර යාත්‍රා ගිලී ගොස් ඇති බව සඳහන් වේ. කුණාටුව සමඟ එරට ගංවතුර උග්‍ර වී ඇති අතර, විශේෂයෙන් යෙන් බායි (Yen Bai) පළාතේ, ජලය මීටරයක් පමණ ඉහළ ගොස් ඇත. පවුල් දහස් ගණනක් ආරක්ශිත ස්තාන කරා රැඟෙන ගොස් ඇති අතර හැනෝයි (Hanoi) ඇතුළු උතුරු පළාත් 12 ක පාසල් වසා දමා ඇත.
යාගි කුණාටුව මේ වනවිට දුර්වල වී ඇතත්, තවත් ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ උණුසුම් සාගර ජලය හේතුවෙන් මෙවැනි ප්‍රබල කුණාටු ඇති වන බවයි. තවද, දේශගුණික විපර්යාස හේතුවෙන් Yagi වැනි කුණාටු නිරන්තරයෙන් ඇතිවීමට ඉඩ ඇති බවත් ඒවා තව තවත් ශක්තිමත් විය හැකි බවත් මේ පිළිබඳ විශේෂඥයින් ප්‍රකාශ කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි
https://www.bbc.com/news/articles/cqxjn3w9228o



