ඔලිම්පික් ක්‍රීඩිකාවක් ගිණි තබා ඝාතනය කරයි
උගන්ඩාවේ ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන රෙබෙකා චෙප්ටෙගේයි,(Rebecca Cheptegei) කෙන්යාවේ පිහිටි ඇගේ නිවසේදී ගිණි තබා ඝාතනය කර තිබේ. ඇගේ නිවසේම සැඟවී සිට මෙලෙස ගිනි තබා ඇත්තේ ඇගේ හිටපු පෙම්වතා වන ඩික්සන් එන්ඩීමා (Dickson Ndiema) විසින් බව වාර්තා වේ. කුඩා ඉඩමක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුල තිබූ බව අසල්වාසීන් ප්‍රකාශ කරයි. Ndiema විසින් , Cheptegei මත පෙට්‍රල් වත් කර ගිනි තැබීමට උත්සාහ කිරීමේදි, අහඹු ලෙස තමාට ද ගිනි ඇවිලී ඇති අතර දින කිහිපයකට පසු කෙන්යාවේ රෝහලකදී පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔහු මිය ගියේය.
මෙම ප්‍රහාරයෙන් දින හතරකට පසු චෙප්ටෙගෙයිද මිය ගිය අතර, ඇගේ සිරුරෙන් 80%කටත් වඩා පිලිස්සුම් තුවාල තිබූ බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී. සිද්දිය වූ අවස්තාවේදී ඇය උදව් ඉල්ලා කෑගසා ඇති අතර, එය අසල්වාසීන්ට ඇසී ඇතත් උදව් කිරීමට ඔවුන් ප්‍රමාද වි තිබුණි. ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ Ndiema ඇගේ නිවසට පෙට්‍රල් ගැලුමක් රැගෙන ආ බවයි. පොලිසිය මෙම නඩුව මිනීමැරුමක් ලෙස විමර්ශනය කරමින් සිටි නමුත් Ndiema මිය ගිය බැවින් අපරාධ නඩුව ඉවත් කර , මරණ පරීක්ෂණයක් ආරම්භ කරනු ඇත.
Cheptegei ගේ මරණය බොහෝ දෙනා කම්පනයට පත් කර ඇති අතර , සහකරුවෙකු විසින් මෑත කාලයේදි කෙන්යාවේදී මරා දැමූ තුන්වන ක්‍රීඩිකාව ඇයයි. 2021 දී, ලෝක වාර්තා හිමියෙකු වූ ඇග්නස් ටිරොප් (Agnes Tirop) ඝාතනය කරන ලද අතර, මාස හයකට පසු ඩමරිස් මුතුවා (Damaris Mutua), ඝාතනය කරන ලදී.
ඔවුන්ගේ ස්වාධීනත්වය, සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ භූමිකාවන්ට අභියෝග කරන බව බොහෝ දෙනා විශ්වාස කරන බැවින් මෙවැනි ඝාතන මෙන්ම ප්‍රචණ්ඩකාරී හැසිරීම් උගන්ඩාව තුල නිරන්තරයෙන් දැකිය හැකි බව බලධාරීන්ගේ අදහසයි.. උගන්ඩාව නියෝජනය කරමින් මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ චෙප්ටෙගේයිගේ දේහය උගන්ඩාවේ පිහිටි ඇගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. කෙන්යාවේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බරපතල ප්‍රශ්නයක් වන අතර, 2022 සමීක්ෂණයකින් හෙලි වූයේ එරට කාන්තාවන්ගෙන් 34% ක් ශාරීරික හිංසනයන්ට ගොදුරු වන බවයි.. ඉදිරියේදී මෙවැනි ඛේදවාචක සිදු නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටී .
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි



