ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාවට

ලෝක ටෙස්ට් ශූරතාව දකුණු අප්‍රිකාවට

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති 2025 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු පහකින් පරාජය කරමින් දකුණු අප්‍රිකාව ඉතිහාසගත ජයග්‍රහනයක් වාර්තා කිරීමට සමත්විය. මෙය ඔවුන්ගේ වසර 27කට පසුව දිනාගත් පළමු ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රිකට් ශූරතාව වන අතර, ඔවුන් අවසන් වරට ජයග්‍රහණය කර තිබුණේ 1998 ICC ශූරයින්ගේ කුසලානයයි.

සිව්වන ඉනිමේදී පන්දු 207කින් විශිෂ්ට ලකුණු 137ක් රැස් කළ ඒඩ්න් මාක්‍රම් මෙම තරගයේ වීරයා බවට පත්විය. ඔහුගේ දක්ෂතාවය හේතුවෙන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 83.4ක් තුළ ලකුණු 282ක ඉලක්කයක් සාර්ථකව හඹා යාමට හැකි විය. මෙය 1984 න් පසු ලෝඩ්ස් හිදී සාර්ථකව හඹා ගිය සම-වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.මෙම ජයග්‍රහණය විශේෂයෙන්ම ඓතිහාසික වන්නේ, ඕස්ට්‍රේලියාවට ICC අවසන් තරගයක් වසර 15කට පසුව පරාජය වූ පළමු අවස්ථාව මෙය වීම හේතුවෙනි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC අනුග්‍රහයෙනි

Scroll to Top