ගාසා නගරයේ අල්-ටුෆා (al-Tuffah) ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ළමුන් නව දෙනෙකු ඇතුළු අවම වශයෙන් 20 දෙනෙකු මියගොස් ඇති බව වෛද්‍ය ආරංචි මාර්ග පවසයි.
ගාසා රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ගාසා තීරය පුරා අද දින එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 60 දෙනෙකු මියගොස් ඇති බවයි. මෙම මරණ සිදුවන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ගාසා තීරයේ සටන් විරාමයක් “ලබන සතිය තුළ” ඇති කර ගත හැකි බව පැවසීමෙන් දිනකට පසුවය.
ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ ගාසා යුද්ධයෙන් අවම වශයෙන් 56,412 දෙනෙකු මියගොස් 133,054 දෙනෙකු තුවාල ලබා ඇත. ඔක්තෝබර් 7 ප්‍රහාරවලදී ඊශ්‍රායලයේ 1,139 දෙනෙකු පමණ මියගිය අතර, 200කට අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



