එක්සත් ජනපදයේ ටෙක්සාස් (Texas) ප්‍රාන්තයට සිකුරාදා බලපෑ හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති අතර, ගැහැණු ළමුන්ගේ කඳවුරක සිටි ළමුන් 25 දෙනෙකු පමණ තවමත් අතුරුදන්ව සිටින බව නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකානු නිදහස් දිනයේදී සිදු වූ මෙම ඛේදවාචකය “කම්පනයට පත් කරන” සහ “භයානක” සිදුවීමක් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසා තිබෙනවා. ෆෙඩරල් නිලධාරීන් සහය ලබා දීමට පොරොන්දු වී ඇති බව ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබට් (Greg Abbott) පවසා ඇත.
ගලවා ගැනීමේ ආයතන සතුව හෙලිකොප්ටර් 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සහ ජලයේ පිහිනන්නන් සිටින බවත්, රාත්‍රී කාලය පුරා සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ බව ඇබට් පැවසුවද, අතුරුදන් වූවන් සංඛ්‍යාව තහවුරු කිරීමට ටෙක්සාස් නිලධාරීන්ට නොහැකි වී තිබෙනවා.
සිකුරාදා උදෑසන, ප්‍රාන්තයේ හදිසි ගංවතුර හේතුවෙන් හිල් කන්ට්‍රි (Hill Country) සහ කොන්චෝ නිම්න (Concho Valley) ප්‍රදේශ සඳහා ආපදා ප්‍රකාශ නිකුත් කරනු ලැබුනු අතර, කර් ප්‍රාන්තයේ ඉහළම නිලධාරියා වන කර් ප්‍රාන්ත විනිසුරු රොබ් කෙලී (Rob Kelly) ප්‍රකාශ කර ඇත්තේ ගුවාඩලුප් ගඟ දිගේ ඇති කඳවුරු කල්තියා ඉවත් නොකළේ මේ ආකාරයේ ගංවතුරක් එන බව කිසිවෙකු දැන සිටියේ නැති බැවිනි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



