ප්‍රිමියර් ලීග් (Premier League) ශූරයන් වන ලිවර්පූල් (Liverpool) කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ලුවිස් ඩයස් (Luis Diaz) යුරෝ මිලියන 75ක් (ඇමරිකානු ඩොලර් මිලියන 86.7ක්) දක්වා ඉහළ යා හැකි වාර්තාගත මුදලකට බයර්න් මියුනික් (Bayern Munich) කණ්ඩායම හා එක්ව තිබෙනවා.
ඇන්ෆීල්ඩ් (Anfield) හි සිටියදී ප්‍රිමියර් ලීග්, එෆ්.ඒ. කුසලානය (FA Cup) සහ ලීග් කුසලානය (League Cup) දිනාගත් කොලොම්බියානු ජාතික ක්‍රීඩකයා, 2029 දක්වා බුන්ඩෙස්ලිගා (Bundesliga) ශූරයන් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. “ලුවිස් ඩයස් සමඟින්, ප්‍රිමියර් ලීගයේ සිටින හොඳම වම් පාර්ශ්වීය ක්‍රීඩකයන්ගෙන් කෙනෙකු කණ්ඩායමට ගෙන්වා ගැනීමට අපට හැකි වුණා,” බයර්න් ප්‍රධාන විධායක නිලධාරී ජෑන්-ක්‍රිස්ටියන් ඩ්රීසන් (Jan-Christian Dreesen) පවසා ඇත.
කළමනාකරු ආර්නේ ස්ලොට්ගේ (Arne Slot) කණ්ඩායම වාර්තාගත 20 වැනි වරටත් ඉංග්‍රීසි ශූරතාව දිනාගත් පසුගිය සමයේ ඩයස් තරඟ 50කට ක්‍රීඩා කර ගෝල 17ක් ලබා ගත්තා. ඔහු කොලොම්බියාව (Colombia) වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 63කදී ගෝල 18ක් ද ලබාගෙන තිබෙනවා.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



