දෙවන ලෝක යුද්ධයේ වීරයන් කිසිදා අමතක නොකරන බව VJ දිනය දා රජු ප්‍රතිඥා දෙයි

දෙවන ලෝක යුද්ධය (World War II) අවසන් කිරීමට උපකාර කළ “සේවය සහ කැපවීම” වෙනුවෙන් VJ දිනයේ 80 වැනි සංවත්සරය (80th anniversary) සනිටුහන් කරමින්, III වන චාල්ස් රජු (King Charles III) විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. රජු ප්‍රතිඥා දී ඇත්තේ, පැසිෆික් සහ ඈත පෙරදිග ප්‍රදේශවල සටන් කර මියගිය අය කිසිදා අමතක නොකරන බවයි.

VJ දිනය, එනම් ජපානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ දිනය (Victory over Japan Day) සෑම වසරකම අගෝස්තු 15 වන දින සමරනු ලබන අතර, එය 1945 දී ජපානය මිත්‍ර පාක්ෂික හමුදාවන්ට (Allied forces) යටත් වී යුද්ධය අවසන් කළ දිනය සනිටුහන් කරයි. ජපානයට එරෙහිව යුද්ධයේදී බ්‍රිතාන්‍යයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් (Commonwealth) සොල්දාදුවන් 71,000ක් පමණ මිය ගිය බවට ඇස්තමේන්තු කර ඇති අතර, ඉන් 12,000කට වැඩි පිරිසක් ජපන් සිර කඳවුරුවල සිරකරුවන් ලෙස සිටියදී මිය ගොස් ඇත.

රජුගේ පණිවිඩය ආරම්භ වූයේ, වසර 80කට පෙර ඔහුගේ සීයා වූ VI වන ජෝර්ජ් රජු (King George VI) යුද්ධය අවසන් වූ බව ජාතියට සහ පොදුරාජ්‍ය මණ්ඩලයට නිවේදනය කළ මොහොත සිහිපත් කරමිනුයි. මෙම සංවත්සරය සැමරීම සඳහා රජු සහ රැජින, අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමර් (Sir Keir Starmer) සමඟ ස්ටැෆර්ඩ්ෂයර්හි (Staffordshire) ජාතික අනුස්මරණ උද්භිද උද්‍යානයේ (National Memorial Arboretum) පැවති සැමරුම් උත්සවයකට ද සහභාගී වීමට නියමිත වේ.

 

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top