එක්සත් ජනපද භාණ්ඩ සඳහා කැනඩාව විසින් පනවා ඇති, ඩොලර් බිලියන ගණනක ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු (retaliatory tariffs) සමහරක් ඉවත් කරන බව, කැනඩාවේ අගමැති මාර්ක් කාර්නි (Mark Carney) ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, වාහන, වානේ සහ ඇලුමිනියම් සඳහා වන බදු එලෙසම පවතිනු ඇත.
මෙම තීරණය, දෙරට වෙළඳ ගිවිසුමකට එළඹීමට ස්වයං-පනවා ගත් අවසාන දිනය මග හැරීමෙන් පසු, අගමැතිවරයා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අතර ප්‍රථම වතාවට දුරකථන සංවාදයක් පැවැත්වීමෙන් දිනකට පසුව සිදු වි ඇත.
කාර්නි පවසා ඇත්තේ, එක්සත් ජනපදය-මෙක්සිකෝව-කැනඩා නිදහස් වෙළඳ ගිවිසුමට (USMCA) අනුකූල වන භාණ්ඩ සඳහා පැනවූ තීරුබදු ඉවත් කරමින්, කැනඩාව ද එක්සත් ජනපදය හා සමපාත වන බවයි. මෙම තීරණය දෙරට අතර ගමන් කරන බොහෝ භාණ්ඩ සඳහා නිදහස් වෙළඳාම නැවත ස්ථාපිත කරන බව ද ඔහු පවසා ඇත.
මෙම තීරණය සැප්තැම්බර් 1 වනදා සිට බලාත්මක වන බව කාර්නි වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



