නිව්කාසල් යුනයිටඩ් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක ඇලෙක්සැන්ඩර් ඊසාක්ව බ්‍රිතාන්‍ය වාර්තාගත ගාස්තුවක් වන පවුම් මිලියන 125කට ලිවර්පූල් කණ්ඩායම විසින් ගිවිසුම් ගත කර ගෙන තිබෙන බව වාර්තා වේ. “ඉතිහාසයක් නිර්මාණය කර ශූරතා දිනා ගැනීමට අවශ්‍ය බව” ඔහු ඇන්ෆීල්ඩ්හිදී පවසා ඇත.
ස්වීඩන් ජාත්‍යන්තර ක්‍රීඩක ඊසාක්, සඳුදා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වී වසර හයක ගිවිසුමක් අත්සන් කර ඇති අතර, මෙම ගනුදෙනුවත් සමඟ ලිවර්පූල් කණ්ඩායමේ ගිම්හාන කාලයේ වියදම පවුම් මිලියන 416.2ක් දක්වා ඉහළ ගොස් ඇත. ඊසාක් සඳහා ලිවර්පූල් විසින් මුලින් පවුම් මිලියන 110ක මුදලක් ඉදිරිපත් කළත් එය අගෝස්තු මාසයේදී ප්‍රතික්ෂේප වී ඇත. නමුත් දැන් ඔවුන් ගිම්හාන කාලයේ ඔවුන්ගේ ප්‍රථම ඉලක්කය සාර්ථක කර ගෙන ඇත.
මේ අතර නිව්කාසල් කණ්ඩායම පසුගිය සතියේ ස්ටුට්ගාට් කණ්ඩායමේ ජර්මානු ජාත්‍යන්තර ස්ට්‍රයිකර් නික් වොල්ටෙමේඩ් සහ සඳුදා බ්‍රෙන්ට්ෆෝඩ් හි යෝආනේ විසා පවුම් මිලියන 50ක ගනුදෙනුවකට ගිවිසුම්ගත කර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, ක්‍රිස්ටල් පැලස් කණ්ඩායමේ එංගලන්ත ආරක්ෂක ක්‍රීඩක මාක් ගුඒහි පවුම් මිලියන 35ක ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට ලිවර්පූල් කණ්ඩායම අසමත් වී ඇත. 25 හැවිරිදි මෙම ක්‍රීඩකයා ලිවර්පූල් සමඟ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් වූ නමුත්, ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු ගිවිසුම්ගත කිරීමට පැලස් කණ්ඩායම අපොහොසත් වීම නිසා ගනුදෙනුව කඩා වැටී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



