AI චැට්බෝට් (Chatbots) සඳහා යෞවනයන් වෙනුවෙන් ආරක්ෂක විධිවිධාන සකස් කිරීමට මෙටා කටයුතු කරයි

කෘත්‍රිම බුද්ධි (AI) චැට්බෝට්වරුන්ට (Chatbots) සියදිවි නසාගැනීම්, ස්වයංහානි සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා වැනි කරුණු සම්බන්ධයෙන් යෞවනයන් සමඟ කතා කිරීම අවහිර කරන බව මෙටා සමාගම පවසා ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ, අභ්‍යන්තර ලේඛනයක සටහන් වලට අනුව එහි AI නිෂ්පාදනවලට යෞවනයන් සමඟසංවේදීසංවාද ඇති කර ගත හැකි බවට එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු විසින් විමර්ශනයක් ආරම්භ කිරීමෙන් සති දෙකකට පසුවය. මෙම ලේඛනයේ ඇති සටහන් දෝෂ සහිත බවත්, ළමයින් ලිංගිකකරණය කරන ඕනෑම අන්තර්ගතයක් තහනම් කරන සිය ප්‍රතිපත්තිවලට නොගැලපෙන බවත් සමාගම පවසා ඇත.

කෙසේ වෙතත්, සියදිවි නසාගැනීම් වැනි සංවේදී මාතෘකා සම්බන්ධයෙන් යෞවනයන් සමඟ කතා කිරීම වෙනුවට ඔවුන්ට විශේෂඥ සම්පත් වෙත යොමු කරන ලෙස සිය චැට්බෝට්වරුන් සකසන බව මෙටා සමාගම පවසා ඇත. “අපි ආරම්භයේ සිටම අපගේ AI නිෂ්පාදන සඳහා යෞවනයන් වෙනුවෙන් ආරක්ෂක විධිවිධාන සකස් කළා. යටතේ ස්වයංහානි, සියදිවි නසාගැනීම් සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා පිළිබඳ සංවාදවලදී ආරක්ෂිතව ප්‍රතිචාර දැක්වීමට ඒවා සකස් කර තිබෙනවායනුවෙන් මෙටා ප්‍රකාශකයෙක් පවසා ඇත.

මෙටා පවසා ඇත්තේ, සිය AI පද්ධති යාවත්කාලීන කිරීම් මේ වන විටත් සිදු වෙමින් පවතින බවයි. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ මෙසෙන්ජර් හි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පරිශීලකයින් යෞවන ගිණුම් (teen accounts) ලෙස වර්ග කර ඇති අතර, ඔවුන්ට ආරක්ෂිත අත්දැකීමක් ලබා දීම සඳහා අන්තර්ගත සහ පෞද්ගලිකත්ව සැකසුම් එහි අඩංගු වේ. මෙම යාවත්කාලීන කිරීම් මගින් ඔවුන් පසුගිය දින හත තුළ කතා කළ AI චැට්බෝට්වරුන් මොනවාදැයි දෙමාපියන්ට සහ භාරකරුවන්ට දැක ගත හැකි වනු ඇතැයි මෙටා වැඩිදුරටත් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top