යෙදුම් භාවිතය සොයා ගන්නා විශේෂාංගයකින් ඉවත්ව සිටි දස දහස් ගණනක් පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගූගල් සමාගම ඩොලර් මිලියන 425ක් ගෙවිය යුතු බව එක්සත් ජනපද ජූරි සභාවක් තීන්දු කර තිබේ.
ගූගල් පරිශීලකයින් පිරිසක් චෝදනා කර ඇත්තේ, ඔවුන්ගේ ගිණුම් සැකසුම් වෙනස් කර එම ක්‍රියාවලිය වැළැක්වීමට කටයුතු කළ විට පවා, තුන්වන පාර්ශවීය යෙදුම්වලින් දත්ත දිගින් දිගටම එකතු කළ බවයි. සැන් ෆ්රැන්සිස්කෝහි ජූරි සභාව මෙම තීන්දුව ලබා දී ඇත. මෙම තීරණය, එහි නිෂ්පාදන ක්‍රියා කරන ආකාරය වැරදි ලෙස වටහාගෙන ඇති බවත්, එය අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බවත් ගූගල් පවසා ඇත.
පැමිණිලිකරුවන් ඔවුන්ගේ නඩුවේදී කියා සිටියේ, ගූගල් විසින් එහි වෙබ් සහ යෙදුම් ක්‍රියාකාරකම් සැකසුම්වල අඩංගු පෞද්ගලිකත්ව සහතික කඩ කරමින් පරිශීලකයින්ගේ ජංගම යෙදුම් ක්‍රියාකාරකම් දත්ත එකතු කර විකුණු බවයි. 2020 ජූලි මාසයේදී ගොනු කරන ලද මෙම නඩුවට ගූගල් පරිශීලකයින් මිලියන 98ක් පමණ ඇතුළත් විය.
නඩු විභාගය අතරතුර ගූගල් තර්ක කර ඇත්තේ, එකතු කරන ලද දත්ත පුද්ගලික නොවන සහ ව්‍යාජ නාම බවත්, ඒවා වෙන් වූ, සුරක්ෂිත සහ සංකේතනය කරන ලද ස්ථානවල ගබඩා කර ඇති බවත්ය. ගූගල් සමාගමට මෑතකදී පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් වෙනත් නඩු කිහිපයකට මුහුණ දීමට සිදු වී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



