ඇමරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ කාර්යාලයක් (ICE) අසල වෙඩි තැබීමක්!

ඇමරිකාවේ ටෙක්සාස්හි ඩලස් නගරයේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ කාර්යාලයක් (ICE) අසල සිදුවූ වෙඩි තැබීමක් දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම් ප්‍රහාරය තහවුරු කළ අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද තමාට වෙඩි තබාගෙන මියගොස් ඇති බව පවසා ඇත.ICE හි වැඩබලන අධ්‍යක්ෂ ටොඩ් ලියොන්ස් පැවසුවේ, මූලික තොරතුරු අනුව ස්නයිපර් වෙඩික්කරුවෙකු කාර්යාලයෙන් පිටත සිට වෙඩි තබා ඇති බවත්, එය එහි සිටි පුද්ගලයන්ට වැදී ඇති බවත්ය. සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු බිම වැටී සිටින බව වාර්තා වුවද, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නැත.

මෙම සිදුවීම මෑතකදී ICE කාර්යාල ඉලක්ක කර ගනිමින් සිදුවූ ප්‍රහාර මාලාවක කොටසකි. පසුගිය මාසයේ සැන් ඇන්ටෝනියෝ හි ICE කාර්යාලයකට වෙඩි තැබීමක් සිදු වූ අතර, එය ඉලක්කගත ප්‍රහාරයක් ලෙස නිලධාරීන් විසින් හඳුන්වා දෙන ලදී. ඊට අමතරව, ජූලි මාසයේදී ටෙක්සාස්හි ඇල්වරඩෝ හි ICE ස්ථානයක පැවති විරෝධතාවකදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක් සිදු වුවද, ඔහු දිවි ගලවා ගත්තේය.

ලේකම් නොයම් මෙම ප්‍රචණ්ඩත්වය හෙළා දුටු අතර, ICE නිලධාරීන්ට පෙර නොවූ විරූ ප්‍රහාර එල්ල වන බවත්, මෙවැනි ක්‍රියා වහාම නැවැත්විය යුතු බවත් අවධාරණය කළාය. ඩලස් හි සිදුවූ මෙම වෙඩි තැබීමට හේතුව තවමත් විමර්ශනය කෙරෙමින් පවතී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top