මොළයේ සැත්කම අතරතුර ක්ලැරිනෙට් වාදනය කළ කාන්තාවකට සහනයක්!

පාකින්සන් රෝගයෙන් පෙළුණු 65 හැවිරිදි කාන්තාවක්, මොළයේ ගැඹුරු උත්තේජනයක් (Deep Brain Stimulation – DBS) සිදු කරන අතරතුර ක්ලැරිනෙට් වාදනය කර ඇති අතර, මෙහෙයුමෙන් පසු තම ඇඟිලි චලනයන් ක්ෂණිකව වැඩිදියුණු වීම ගැන ඉතා සතුටු වන බව ප්‍රකාශ කර තිබේ.

ඊස්ට් සසෙක්ස්හි (East Sussex) Crowborough හි පදිංචි ඩෙනීස් බේකන් (Denise Bacon) මහත්මියට විදුලි ධාරාවක් මොළයට ලබා දෙන විට ඇගේ ඇඟිලිවල චලනයන් ක්ෂණිකව වැඩිදියුණු වීමක් දක්නට ලැබුණු බව King’s College රෝහලේ වෛද්‍යවරු පවසා ඇත.

කථන හා භාෂා චිකිත්සකවරියක් ලෙස සේවය කර විශ්‍රාම ගිය ඇය 2014 වසරේදී පාකින්සන් රෝගයෙන් පෙළෙන බවට හඳුනා ගැනිණි. මෙම රෝගය ඇගේ ඇවිදීමට, පිහිනීමට, නැටීමට සහ ක්ලැරිනෙට් වාදනය කිරීමට ඇති හැකියාවට දැඩි ලෙස බලපා ඇත.

King’s College රෝහලේදී පැය හතරක සැත්කමක් අතරතුරදී, ස්නායු ශල්‍යකර්ම පිළිබඳ මහාචාර්යවරයෙකු වන Keyoumars Ashkan විසින් රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා DBS සිදු කරන ලද අතර, DBS යනු මොළයේ ඉලෙක්ට්‍රෝඩ (electrodes) තැන්පත් කිරීම මගින් සිදු කරන ශල්‍යකර්මයකි. පාකින්සන් රෝගය වැනි ස්නායු ආබාධ සහිත සමහර රෝගීන්ට මෙය සුදුසු වේ.

ඇගේ හිස්කබල නිර්වින්දනය කිරීමෙන් පසු, ශල්‍යාගාරයේදීම ඇගේ ඇඟිලිවල ක්ෂණික වැඩිදියුණු වීමක් දක්නට ලැබුණු අතර, එය ඇයට ක්ලැරිනෙට් පහසුවෙන් වාදනය කිරීමට හැකි වී ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top