වසරේ කාන්තා සම්මාන උළෙලේදී Jade, Reese Witherspoon සහ Aimee Lou Wood ඇගයීමට

සංගීතය, විනෝදාස්වාදය සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම චරිත රැසක් වාර්ෂිකව පැවැත්වෙන Harper’s Bazaar Women of the Year Awards උළෙල සඳහා බ්‍රහස්පතින්දා රාත්‍රියේ ලන්ඩනයේ ක්ලැරිජ් හෝටලයේදී (Claridge’s Hotel) රැස් වී ඇත. බලවත් හා ආශ්වාදජනක කාන්තාවන් සැමරූ මෙම තරු පිරි උත්සවයට Gillian Anderson, Chloe Kelly සහ Chimamanda Ngozi Adichie ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් සහභාගී වී ඇත.

Little Mix කණ්ඩායමේ සාමාජිකාවක ලෙස ප්‍රසිද්ධියට පත් වූ, පසුව ඒකල ගායන වෘත්තියක් ආරම්භ කළ Jade ගායිකාව සම්මානලාභීන් අතර වූ අතර, වසරේ සංගීත ශිල්පිනිය (Musician of the Year) සම්මානය ලබා ගෙන ඇත.

රූපවාහිනී ක්ෂේත්‍රයේ ජයග්‍රහණ ද මෙම සන්ධ්‍යාවේදී සමරන ලදී. Netflix හි ඉතා සාර්ථක නාට්‍ය මාලාවක් වන Adolescence හි රංගනය වෙනුවෙන් Erin Doherty වසරේ රංගනය (Performance of the Year) සම්මානය දිනා ගෙන ඇත.

Doctor Who තරුව වන Ncuti Gatwa විසින් Aimee Lou Wood හට The White Lotus හි ඇයගේ රංගනය වෙනුවෙන් සම්මානය පිරිනමා ඇත. Reese Witherspoon හට Barbie හි America Ferrera විසින් සංස්කෘතික නිරූපිකාව (Cultural Icon) ලෙස ගෞරව කරන ලදී.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top