BBC අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වේ

BBC හි අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි (Tim Davie) සහ ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබොරා ටර්නස් (Deborah Turness) ඉරිදා රාත්‍රියේ ඉල්ලා වී ඇත.

මෙම තීරණයට හේතුව, Panorama වැඩසටහන මගින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවක් සංස්කරණය කර ප්‍රේක්ෂකයින් නොමඟ යවා ඇති බවට එල්ල වූ විවේචනයයි. The Telegraph පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද BBC අභ්‍යන්තර සංදේශයකින් යෝජනා වී ඇත්තේ, 2021 ජනවාරි මාසයේදී කැපිටල් හිල් කෝලාහලයට ට්‍රම්ප් සෘජුවම දිරි දුන් බවට පෙන්වීම සඳහා එම වැඩසටහන මගින් ට්‍රම්ප්ගේ කතාවේ කොටස් දෙකක් එකට සම්බන්ධ කර ඇති බවයි.

එම පුළුල් සංදේශය මගින් BBC ප්‍රවෘත්ති ආවරණයේ වෙනත් ක්ෂේත්‍ර ද විවේචනයට ලක් කර තිබුණි. එහි කතුවරයා කියා සිටියේ, BBC විධායක අංශයේ අකර්මන්‍යතාවය පිළිබඳ බලාපොරොත්තු සුන්වීමෙන් තමා මෙය යැවූ බවයි.

ටිම් ඩේවි පවසා ඇත්තේ යම් වැරදි සිදුවී ඇති අතර, අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහුට අවසාන වගකීම භාර ගැනීමට සිදු වී ඇති බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top