රටපුරා පැවති විරෝධතා මගින් උච්චත්වයට පත් වූ අන්තර්ජාල ව්‍යාපාරයකින් පසුව, දකුණු අප්‍රිකාව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ජාතික ව්‍යසනයක් (National Disaster) ලෙස වර්ගීකරණය කර තිබේ.
රට තුළ දිනකට ඝාතනයට ලක්වන කාන්තාවන් 15 දෙනෙකුට ගෞරව දැක්වීමක් වශයෙන්, කාන්තාවන්ගෙන් එක් දිනක් සඳහා ආර්ථිකයෙන් ඉවත් වන ලෙසට විනාඩි 15 ක් බිම දිගා වී සිටින ලෙස ඉල්ලා සිට ඇත.
සමුපකාර පාලන හා සම්ප්‍රදායික කටයුතු අමාත්‍ය Velenkosini Hlabisa පවසා ඇත්තේ, පෙර වාර්තා සහ රාජ්‍ය ආයතන මෙන්ම සිවිල් සංවිධානවල යාවත්කාලීන කරන ලද වාර්තා සම්පූර්ණයෙන් නැවත තක්සේරු කිරීමෙන් පසුව, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (NDMC) ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය (GBV) සහ කාන්තා ඝාතන (femicide) ව්‍යසනයක් ලෙස වර්ගීකරණය කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයට (UN Women) අනුව, දකුණු අප්‍රිකාව ලෝකයේ ඉහළම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ මට්ටම් අත්විඳින රටවල් අතර වන අතර, කාන්තාවන් ඝාතනය වන අනුපාතය ගෝලීය සාමාන්‍යයට වඩා පස් ගුණයකින් වැඩි ය.
මෙම විරෝධතාව G20 Women’s Shutdown ලෙස නම් කර ඇති අතර, එය සංවිධානය කර ඇත්තේ Women for Change සංවිධානය විසිනි. මෙම සංවිධානය, බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුවත් කිරීම හා සම්බන්ධ වර්ණයක් වන දම් පැහැයට සිය සමාජ මාධ්‍ය පැතිකඩ පින්තූර වෙනස් කිරීමට මිනිසුන් පොළඹවමින් අන්තර්ජාල ව්‍යාපාරයට නායකත්වය දී ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



