අවසන් Harry Potter චිත්‍රපටය නිකුත් වී වසර 14 කට පමණ පසුවත්, Rupert Grint ට කිසි දිනෙක Ron Weasley ගේ සෙවණැල්ලෙන් ඉවත් වීමට නොහැකි වනු ඇතැයි ඔහු පවසා තිබේ.
චිත්‍රපට අටේදීම Ron ගේ චරිතය නිරූපණය කළ 37 හැවිරිදි Grint, ඉදිරියේදී පැමිණීමට නියමිත රූපවාහිනී කතාමාලාවේ Ron ගේ චරිතය නිරූපණය කරන ළමා නළුවාට ලිපියක් ලියා ඇති බව ද හෙළි කර ඇත. Grint Ron ලෙස රඟපාන විට ඔහුට වයස අවුරුදු 11 කි. Hogwarts හි Harry Potter ගේ හොඳම මිතුරන්ගෙන් කෙනෙකු ලෙස Ron චරිතය නිරූපණය කළ මෙම අත්දැකීම ඔහු විස්තර කරන්නේ පිස්සු අත්දැකීමක් ලෙසයි.
Grint සහ ඔහුගේ සම නළුවන් වන Daniel Radcliffe සහ Emma Watson ගේ ජීවිත JK Rowling ගේ පොත් පාදක කරගත් මෙම චිත්‍රපට මාලාව (2001 සහ 2011 අතර) මගින් සම්පූර්ණයෙන්ම වෙනස් විය.
Potter චිත්‍රපට අවසන් වීමෙන් පසු, Grint Into the White වැනි චිත්‍රපටවල සහ Apple TV හි Servant කතා මාලාවේ රඟපා ඇත. ඔහු වේදිකාවේ ද රඟපා ඇති අතර, Ed Sheeran ගේ සංගීත වීඩියෝ කිහිපයක පෙනී සිට ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



