තායිලන්තයේ දකුණු දිග පළාත් නවයකට බලපා ඇති දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දහස් ගණනක් අවතැන් වී හෝ සිර වී සිටින බව තායි බලධාරීහු පවසති.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සොන්ග්ක්ලා (Songkhla) පළාත ව්‍යසන කලාපයක් ලෙස එරට කැබිනට් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙමගින් ආපදා සහන කටයුතු සඳහා කඩිනමින් අරමුදල් නිදහස් කර ගැනීමට හැකි වේ.
හාට් යායි (Hat Yai) දිස්ත්‍රික්කයට සිකුරාදා දින මිලිමීටර් 335ක් (අඟල් 13ක්) තරම් අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, මෙය එම පළාතට සියවස් තුනකට පසු එකම දිනක ලැබුණු ඉහළම වර්ෂාපතනය ලෙස වාර්තා වේ. සමහර ප්‍රදේශවල ගංවතුර ජලය මීටර 2ක් (අඩි 6.6ක්) තරම් ඉහළ මට්ටමක පවතින අතර, මියගිය පුද්ගලයන්ගේ මරණ සඳහා ප්‍රධාන හේතු වී ඇත්තේ හදිසි ගංවතුර, විදුලි සැර වැදීම සහ දියේ ගිලීම ය.
රන්ග්සිට් විශ්වවිද්‍යාලයේ දේශගුණික විපර්යාස හා ආපදා මධ්‍යස්ථානයේ අධ්යක්ෂවරයාට අනුව, හාට් යායි නගරයේ පමණක් 150,000කට ආසන්න ජනතාවක් ගංවතුරෙන් සිර වී සිටිති. දකුණු පළාත් නවයකට බලපා ඇති මෙම තත්ත්වය හේතුවෙන් මිලියන 2.1ක පමණ ජනතාවකට බලපෑම් එල්ල වී ඇති අතර, 13,000ක් පමණ දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.



