X හි නව ස්ථාන හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තියක්!

එලොන් මස්ක්ට අයත් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X, නව විනිවිදභාවය පිළිබඳ විශේෂාංගයක් දියත් කර ඇති අතර, එය ගිණුම් පිළිබඳ වැඩි තොරතුරු ප්‍රමාණයක් සපයයි. මෙයට, එම ගිණුම් පිටුපස සිටින පරිශීලකයින්ගේ ස්ථාන ද ඇතුළත් වේ.

මෙම පියවර මගින් වැඩි විනිවිදභාවයක් ලබා දෙන බවත්, වැරදි තොරතුරු පතුරුවන bots සම්බන්ධ ගැටලු විසඳන බවත් X පවසයි. ඒ අනුව, පරිශීලකයින්ට තොරතුරු පතුරුවන ගිණුම් පිහිටා ඇති ස්ථානය හඳුනා ගැනීමට හැකි වන බැවින්, මෙය ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය පිළිබඳ ලොව පුරා සිටින පරිශීලකයින් අතර කනස්සල්ලක් මතු කර තිබේ.

සමාජ මාධ්‍ය වේදිකාවේ නිෂ්පාදන ප්‍රධානී නිකිටා බියර් (Nikita Bier) නොවැම්බර් 22 වන දින මෙම නව විශේෂාංගය ගෝලීය වශයෙන් හඳුන්වා දෙන බව X හි පළ කළ පෝස්ට් එකකින් නිවේදනය කළේය. එයට ඇතුළත් වන තොරතුරු වනුයේ ගිණුම් හිමිකරු දැනට පදනම් වී සිටින රට හෝ කලාපය, ගිණුම නිර්මාණය කළ දිනට අදාළව මුල් රට. ගිණුම නිර්මාණය කළ දිනය. පරිශීලක නාමය වෙනස් කර ඇති වාර ගණන සහ එය සිදු කළ දිනය, යෙදුම ඇන්ඩ්‍රොයිඩ් (Android) උපාංගයක හෝ iOS App Store හරහා ස්ථාපනය කර ඇත්තේ කුමන රටේද යන්න ද එයින් පෙන්නුම් කරයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු ALJAZEERA ඇසුරෙනි.

Scroll to Top