තීව්ර සූර්ය විකිරණය (intense solar radiation) හේතුවෙන් යානාවල පවතින පාලන පරිගණක පද්ධතිවලට බලපෑම් එල්ල විය හැකි බව අනාවරණය වීමෙන් පසු, Airbus ගුවන් යානා දහස් ගණනක් ගොඩබස්වා ඇති අතර, එය ලොව පුරා ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතු වී තිබේ.
සමාගමේ ගෝලීය ගුවන් යානා සමූහයෙන් අඩක් වන A320 යානා 6,000 ක් පමණ මෙම තත්ත්වයට බලපා ඇතැයි සැලකේ. ඔක්තෝබර් මාසයේදී එක්සත් ජනපදය සහ මෙක්සිකෝව අතර පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසියේම උස (altitude) අහිමි වීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් පසුව Airbus විසින් මෙම ගැටලුව සොයාගෙන ඇත.
සමාගමේ වැඩියෙන් ම අලෙවි වන A320 වලට අමතරව, A318, A319 සහ A321 මාදිලිවලට ද මෙම අවදානම බලපායි. Airbus ගුවන් යානා 5,100 ක් පමණ සම්බන්ධයෙන්, සාපේක්ෂව සරල මෘදුකාංග යාවත්කාලීනයක් භාවිතයෙන් ගැටලුව විසඳා ගත හැකි අතර, ඒ සඳහා සාමාන්‍යයෙන් පැය තුනක් පමණ ගත වේ. කෙසේ වෙතත්, ඉතිරි පැරණි යානා 900 සඳහා, ගුවන් පාලන පරිගණක භෞතිකව ප්‍රතිස්ථාපනය කිරීමට සිදුවන අතර, එම කාර්යය සම්පූර්ණ කරන තෙක් ඒවාට මගීන් රැගෙන යාමට අවසර නොලැබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



