පැරිස් සෙන්ට් ජර්මේන් (PSG) පාපන්දු සමාජයේ හිටපු සුපිරි ක්‍රීඩක කයියන් ම්බප්පේ (Kylian Mbappe) වෙත ගෙවීමට තිබූ හිඟ වැටුප් සහ ප්‍රසාද දීමනා ලෙස යුරෝ මිලියන 60 ක් (£52.5m) ගෙවන ලෙස ප්‍රංශ අධිකරණයක් නියෝග කර තිබේ.
26 හැවිරිදි ම්බප්පේ තම හිටපු සමාජයෙන් යුරෝ මිලියන 263 ක වන්දියක් ඉල්ලා තිබුණද, පැරිස් කම්කරු අධිකරණය විසින් ඔහුට හිමිවිය යුතු බවට තීරණය කළේ ඉන් පහෙන් එකකට මඳක් වැඩි ප්‍රමාණයකි. 2024 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ ම්බප්පේගේ මාස තුනක වැටුප, ආචාර ධර්ම ප්‍රසාද දීමනා (ethics bonus) සහ ගිවිසුම්ගත අත්සන් කිරීමේ ප්‍රසාද දීමනා ගෙවීමට PSG සමාජය අපොහොසත් වී ඇති බව අධිකරණය පිළිගත්තේය.
යුරෝ මිලියන 240 ක ප්‍රති–හිමිකම් පෑමක් ඉදිරිපත් කර තිබූ PSG පිල, මෙම තීන්දුව ක්‍රියාත්මක කරන බව පැවසුවද ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අයිතිය තබාගෙන ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



