ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලයේ අයිතිකාරීත්වය දරන චීන සමාගම වන ByteDance, ඇමරිකානු සහ ගෝලීය ආයෝජකයින් සමඟ බැඳී සිටින ගිවිසුම්වලට අත්සන් තබා තිබේ. මෙමගින් වසර ගණනාවක් තිස්සේ ඇමරිකානු රජය විසින් පැනවීමට උත්සාහ කළ TikTok තහනම ඉවත් වීමට මාවත විවර වී ඇත.
නව ගිවිසුමට අනුව, TikTok හි අයිතිය ප්‍රධාන පාර්ශව කිහිපයක් අතර බෙදී යන්නේ ByteDance (චීන සමාගම): 19.9%, Oracle (ඔරකල්): 15%, Silver Lake: 15%, MGX (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමක්): 15%, අනෙකුත් ආයෝජකයින්: 30.1% ලෙසටය. මෙම ගිවිසුම ජනවාරි 22 වනදා අවසන් කිරීමට නියමිතය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ගිවිසුම සඳහා මැදිහත් වී ඇති අතර, චීන ජනාධිපති ෂී ජින්පින්ග් ද මෙයට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. මිලියන 170ක් වන ඇමරිකානු TikTok පරිශීලකයින්ට බාධාවකින් තොරව මෙම යෙදුම භාවිතා කිරීමට හැකි වීම මෙම ගිවිසුමේ ප්‍රධාන ජයග්‍රහණයක් ලෙස සැලකේ.
කෙසේ වෙතත්, ඇතැම් සෙනෙට් සභිකයින් පවසන්නේ මෙම ගිවිසුම මගින් ඇමරිකානු පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය (Privacy) ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



