ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globes) සම්මාන උළෙල: ලියනාඩෝ ඩිකැප්‍රියෝ පරදා තිමොති චලමෙට් හොඳම නළුවා වෙයි

හොලිවුඩයේ කීර්තිමත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී (2026), ප්‍රවීණ නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ ජෝර්ජ් ක්ලූනි පරදවමින් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට තිමොති චලමෙට් (Timothée Chalamet) සමත් වී ඇත.

30 හැවිරිදි වියේ පසුවන තිමොති, Marty Supreme චිත්‍රපටයේ ටේබල් ටෙනිස් ක්‍රීඩකයෙකු ලෙස දැක්වූ දක්ෂතා වෙනුවෙන් මෙම සම්මානය හිමි කර ගත්තේය. මෙය ඔහුගේ ඔස්කාර් සිහිනයට මග පාදන ප්‍රබල ජයග්‍රහණයකි. ලියනාඩෝ ඩිකැප්‍රියෝට පෞද්ගලික සම්මානය අහිමි වුවද, ඔහු රඟපෑ One Battle After Another චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 4ක් දිනා ගනිමින් උළෙලේ සාර්ථකම චිත්‍රපටය බවට පත් විය. බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ Sinners චිත්‍රපටය හොඳම නාට්‍යමය (Drama) චිත්‍රපටය වනු ඇති බවයි. නමුත් සියල්ලන් පුදුමයට පත් කරමින් එම සම්මානය Hamnet චිත්‍රපටයට හිමි විය.

මෙවර ගෝල්ඩන් ග්ලෝබ් උළෙලේ රූපවාහිනී අංශයෙන් බ්‍රිතාන්‍ය නළු නිළියන් කැපී පෙනුණි. නෙට්ෆ්ලික්ස් (Netflix) හි විකාශය වූ Adolescence නාට්‍ය මාලාවේ රඟපෑ ස්ටීවන් ග්‍රැහැම්, ඕවන් කූපර් සහ එරින් ඩොහර්ටි විශේෂ ඇගයීමට ලක් විය

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top