අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ට්‍රම්ප්ගේ පෙර පැවති බදු පැනවීම් අයුක්තිසහගත බව පවසා ඒවා අවලංගු කිරීමට කටයුතු කළේය. මීට පිළිතුරු ලෙස ට්‍රම්ප් පවසා සිටියේ එම තීන්දුව අමෙරිකානු විරෝධී එකක් බවයි. එම බදු ඉවත් කරනවා වෙනුවට, ඔහු දැන් වඩාත් ඉහළ බදු ප්‍රතිශතයක් හඳුන්වා දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටියේ ට්‍රම්ප් 1977 දී පැනවූ ‘IEEPA’ නීතිය භාවිතා කරමින් සිය බලතල ඉක්මවා කටයුතු කර ඇති බවයි. මෙයට විසඳුමක් ලෙස ට්‍රම්ප් දැන් 1974 වෙළඳ පනතේ 122 වන වගන්තිය (Section 122 of the 1974 Trade Act) භාවිතා කර ඇත. මෙම නීතිය යටතේ කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය නොමැතිව මාස 5ක කාලයක් සඳහා උපරිම 15% ක බද්දක් පැනවීමට ජනාධිපතිවරයාට බලය තිබේ.
මීට පෙර 10% ක බද්ද පෙබරවාරි 24 සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. නව 15% බද්දත් එදිනම ක්‍රියාත්මක වේද යන්න තවමත් තහවුරු වී නොමැත. මෙම හදිසි තීරණය නිසා අමෙරිකාව සමඟ දැනටමත් 10% ක බදු ගිවිසුම්වලට එළඹ සිටි රටවල් දැඩි අපහසුතාවයට පත්ව තිබේ. අවලංගු කරන ලද පැරණි බදු නීති හරහා අමෙරිකානු රජය මේ වන විට ඩොලර් බිලියන 130 කට අධික මුදලක් උපයාගෙන ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



